මන්ත්‍රි නලින් බණ්ඩාරගේ ජිප් රථය අනතුරක

මන්ත්‍රි නලින් බණ්ඩාරගේ ජිප් රථය අනතුරක

සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා ගමන් ගත් ජිප් රථය අද( 3 ) අලුයම කොළඹ -මහනුවර ප්‍රධාන මාර්ගයේ කෝන්ගස්දෙනිය හංදිය අසලදී යතුරුපැදියක ගැටී යතුරුපැදිකරු තුවාල ලබා ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසයි .

මන්ත්‍රීවරයා ගිය රථය මහනුවර දෙස සිට කොළඹ දෙසට ගමන් කරද්දී ජීප් රථය මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙම අනතුරින් මන්ත්‍රිවරයාට හෝ එහි ගමන් ගත් කිසිවෙකුට තුවාල සිදුව නොමැති අතර යතුරු පැදිකරු පමණක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ පවත්වයි .