තවත් නිල් චිත්‍රපට නිලියක් අබිරහස් ලෙස ජීවිතක්ෂයට

තවත් නිල් චිත්‍රපට නිලියක් අබිරහස් ලෙස ජීවිතක්ෂයට

වැඩිහිටි සිනමා තරුවක් වන ‘Sophia Leone’ අබිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මිය යන විට 26 හැවිරිදි වියේ පසුවූ Sophia Leoneගේ සිරුර මීට දින කිහිපයකට පෙර ඇගේ මහල් නිවාසයේ තිබී හමු වූ බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඇගේ මරණය පිළිබඳව පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින බවයි, ඇගේ සුළුපියාවන Mike Romero ප්‍රකාශකර සිටියේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන්කර සිටියේ, Sophia “ආදරණීය දියණියක්, සහෝදරියක්, මිණිබිරියක්, ලේලියක් සහ මිතුරියක්”බවයි.

ඇය සතුන්ට සහ “විශේෂයෙන් ඇගේ සුරතල් සතුන් තිදෙනාට” දැඩි ලෙස ආදරය කරන බවයි.

සොෆියා ලියොන් 1997 වසරේ ජුනි මස 10 වනදා ඇමරිකා එක්සත් ජනපදයේ මිආමි හිදී උපත ලබා තිබේ.

 

 

Share This