යෝධ ග්‍රාහකයක් අද පෘථිවිය අසලින් යයි

යෝධ ග්‍රාහකයක් අද පෘථිවිය අසලින් යයි

කිලෝ මීටර් 310 ක විෂ්කම්භයකින් යුත් යෝධ ග්‍රාහකයක්, අද (14) පෘථිවිය අසලින් ගමන් කිරීමට නියමිතය.

“2024 BR 4” යන නමින් නම් කළ මෙම ග්‍රාහකය, පළමු වරට සොයා ගැනීම සිදුවූයේ පසුගිය ජනවාරි 30 වැනිදාය.

ග්‍රාහකය පෘථිවිය අසලින් යනු ඇත්තේ, කිලෝ මීටර් මිලියන 4.6 ක් ඈතිනි.

ග්‍රහකයේ ගමන් මඟ වෙනස් වුවහොත් එය පෘථිවියේ ගැටී මහා විනාශයක් වීමට ඉඩ තිබෙන බව විද්‍යාඥයන් බිය පළ කළත්, එවැන්නක් සිදු නොවන බවට ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ සහතික වී ඇත.

Share This