විජයදාසට එරෙහි වාරණය දීර්ඝ කෙරේ

විජයදාසට එරෙහි වාරණය දීර්ඝ කෙරේ

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තව දුරටත් දීර්ඝ ලෙස කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා.

පැමිණිල්ල අද (03) කොළඹ දිසාව විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී දිසා විනිසුරුවරයා ප්‍රකාශ කළේ, මෙම පැමිණිල්ලේ විභාගය කොළඹ අතිරේක දිසාව විනිසුරු චමරි වීරසුරිය මහත්මිය හමුවට යොමු කරන බවයි.

ඉන් අනතුරුව නඩුව එම විනිසුරුවරිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව, විරෝධතා ගොනුකිරීමට කල් ලබාදුන් විනිසුරුවරිය නඩුව නැවතත් ලබන 14 වනදා කැඳවන ලෙස නියෝග කළා.

දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය එදින දක්වා දීර්ඝ කරන ලෙසත් විනිසුරු වරිය විසින් වැඩිදුරටත් නියෝග කරනු ලැබුවා.