පොහොට්ටු මන්ත්‍රීවරයෙකුත් සජබයට එක් වෙයි

පොහොට්ටු මන්ත්‍රීවරයෙකුත් සජබයට එක් වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ සමගි ජනබලවේගය සමඟ එක් වී තිබෙනවා.

1971 මැයි මස 2 වැනිදා මෙළොව උපත ලැබූ ඒ මහතා සිය උසස් අධ්‍යාපනයෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ සේවය කර ඇත.

ඔහු අඹගහවැල්ල ප්‍රාදේශීය රෝහලේ සහ අම්පාර සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධානියා සහ අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ අධ්‍යක්ෂවරයා ලෙස ද සේවය කර තිබේ.

මීට අමතරව හිටපු අමාත්‍යවරයකු වන තිස්ස කරලියද්ද මහතාද සමගි ජනබලවේගය පක්ෂය සමඟ එක්වුණා.

ඒ අනුව, ඔහු සමගි ජන බලවේගයේ මැදවච්චිය ප්‍රදේශයේ සම සංවිධායකවරයා ලෙස පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබෙනවා.