විජයදාසට එරෙහිව තවත් වාරණයක්

විජයදාසට එරෙහිව තවත් වාරණයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම සහ එම පක්ෂයේ සාමාජිකයෙක් වශයෙන් පෙනී සිටීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (28) තවත් වාරණ නියෝගයක් නිකුත් කළේය.

ලසන්ත අලගියවන්න මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මෙම වාරණ නියෝගය නිකුත් කෙරුණි.