පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා වසර 5ක් ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් ජීවිතක්ෂයට

පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා වසර 5ක් ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් ජීවිතක්ෂයට

2019 වසරේ පාස්කු ඉරු දින එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා වසර 5කට අධික කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ, තිළිණා හර්ෂනී නමැති කාන්තාවක්.

මෙම ප්‍රහාරයෙන් ඇයගේ සුසුම්නාවට බරපතළ හානි සිදුව තිබුණා.

කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් ඇයගේ පුතු වන දුලෝද් ඇන්තනීද මිය ගොස් තිබෙනවා.

පාස්කු ඉරු දින ප්‍රහාර මාලාවේදී වැඩිම ජීවිත හානියක් සිදු වූයේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරට එල්ල වූ ප්‍රහාරයෙනි..

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා ස්ථාන 8කට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 273 දෙනෙකු මිය ගොස් ඇති අතර පුද්ගලයින් 500කට අධික ප්‍රමාණයක් ඉන් තුවාල ලැබුවා.

Share This