දිලිත්ගේ පක්ෂයේ සභාපතිකමෙන් සරත් අමුණුගම ඉල්ලා අස්වෙයි

දිලිත්ගේ පක්ෂයේ සභාපතිකමෙන් සරත් අමුණුගම ඉල්ලා අස්වෙයි

දිලිත් ජයවීර මහතාගේ මව්බිම ජනතා පක්ෂයේ සභාපති ආචාර්ය සරත් අමුණුගම මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ මහතා හා විමල් වීරවංශ ඇතුලු කණ්ඩායම සමග සන්ධානගතවීමේ ගිවිසුමට අත්සන් තැබූ ඊයේ දිනම මෙම ඉල්ලා අස්වීම යොමු කිරීමට පියවර ගෙන තිබේ.

දිලිත් ජයවීර මහතා වෙත සිය ඉල්ලා අස්වීම යොමු කරමින් ඒ මහතා ලියා ඇත්තේ මම පක්ෂයේ සභාපතිකමෙන් ඉල්ලා අස්වෙමි. ඔබට සුබපතමි’ යනුවෙන් පමණක් බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අමුණුගම මහතා සඳහන් කළේ අදාළ ලිපිය ඊයේ (27) භාර දුන් අතර දිලිත් ජයවීර මහතාට සුබ පැතුම් එක් කරන බවයි.