ඉන්දියාව භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ලංකාවට?

ඉන්දියාව භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ලංකාවට?

‍දුම්රිය එන්ජින් 20කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාව විසින් මෙරටට ලබාදීම සඳහා එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඉන්දියාව විදුලි දුම්රිය ධාවනය සඳහා යොමු වීමත් සමග මෙම දුම්රිය එන්ජින් භාවිතයෙන් ඉවත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දුම්රිය එන්ජින් මෙරටට යෝග්‍ය වන්නේ ද සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඉදිරියේ දී තාක්ෂණික කණ්ඩායම ඉන්දියාව වෙත යැවීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

අනතුරුව එම දුම්රිය එන්ජින් මෙරටට ලබා ගැනීම ගැන තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

Share This