විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලීමක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලීමක්

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර ඔවුන්ගේ වලංගුභාවය පරීක්ෂා කරන්නැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

එම ආයතනය වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ  http://www.slbfe.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙසයි, එම කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටින්නේ.

විදෙස් රැකියා වංචාකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි, එම කාර්යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Share This