ත්‍රිකුණාමලයේදී තරුණයින් දෙදෙනෙකුට වෙඩි ප්‍රහාරයක්

ත්‍රිකුණාමලයේදී තරුණයින් දෙදෙනෙකුට වෙඩි ප්‍රහාරයක්

ත්‍රිකුණාමලයේ, කුච්චවේලි සිට එරක්කන්ඩි දෙසට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනෙකුට ලුණු ලේවායට ජලය සපයන ඇළ මාර්ගය අසල කැලෑ ප්‍රදේශයක සැඟව සිටි කිසියම් පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් එම තරුණයින් දෙදෙනා තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

අද අලුයම 1.15ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර, අවුරුදු 17 සහ 21 හැවිරිදි වියේ පසුවන මෙම තරුණයින් දෙදෙනාගේ පාද වලට වෙඩි වැදී ඇති බව කුච්චවේලි පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

ඔවුන් ජයනගර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය වී තිබේ.

වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ගැන තොරතුරු තවම පොලිසියට ලැබී නොමැත.

කුච්චවේලි පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇත.