පොලිස්පතිගේ සේවා කාලය දිගු කරමින් ගැසට් නිවේදනයක්

පොලිස්පතිගේ සේවා කාලය දිගු කරමින් ගැසට් නිවේදනයක්

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ සේවා කාලය මාර්තු මස 26 වන දා සිට බලපැවැත්වෙන පරිදි තවත් මාස තුනකින් දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය නිකුත් වී ඇත.

පසුගිය මාර්තු මස 25 වන දා විශ්‍රාම ගැනීමට නියමිතව සිටි පොලිස්පතිවරයා සඳහා සේවා දිගුවක් ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිසක් පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව අදාල තීරණයට එළඹ තිබේ.

එම ගැසට් නිවේදනය පහතින්.