බයිසිකල් වලින් වෙසක් බලන්න යන අයට පොලිසියෙන් දැනුම් දීමක්

බයිසිකල් වලින් වෙසක් බලන්න යන අයට පොලිසියෙන් දැනුම් දීමක්

පාපැදි භාවිත කරමින් වෙසක් සිරි නැරඹීමට යන පුද්ගලයින් තම ආරක්ෂාව පිළිබඳ ඉතා සැලකිලිමත් විය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව පැවසීය.

වෙසක් කලාපවල සහ සිද්ධස්ථානවල ආරක්ෂාව ද තර කර ඇතැයි පොලීසිය පවසයි.

මේ අතර වෙසක් කලාප ආශ්‍රිතව අදත් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.