සරුවටම කළ ගිනි අවි බිස්නස් එකක් රුවන්වැල්ලෙන් අල්ලයි

සරුවටම කළ ගිනි අවි බිස්නස් එකක් රුවන්වැල්ලෙන් අල්ලයි

විශේෂ කාර්ය බලකාය පූගොඩ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (29) රුවන්වැල්ල පොලිස් වසමේ අයි/207, ඉහළ මොරාවත්ත, රුවන්වැල්ල යන ලිපිනයේ පිහිටි නිවසක් වටලා තිබේ.

එහිදී, බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගෙන සිටි විදේශීය රටක නිෂ්පාදිත ස්වංක්‍රීය පිස්තෝල අවියක්, එම පිස්තොල අවියට යොදන ලද 6.35 mm හිස් පතුරම් කොපු 01ක්, රුසියාවේ සහ අමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 වර්ගයේ පතුරම් තුවක්කු දෙකක්ද, පතුරම් තුවක්කු බැරල් 02ක්ද සමගින් වයස අවුරුදු 37ක රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රුවන්වැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

තවද මෙම අත්අඩංගුවට ගත් ස්වංක්‍රීය අවිය රුපියල් 75,000ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබී ඇති අතර, බෝර 12 වර්ගයේ එක් අවියක් රුපියල් 60,000ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර ඇති බවටද කරුණු අණාවරණය වී ඇත.

මෙම පුද්ගලයා අවි අලෙවි කිරීමේ ජාවාරම් වල නිරතවන පුද්ගලයකු වන අතර මොහු මෙම අවි වෙනත් පුද්ගලයන්ගෙන් රැගෙන ඒවා වැඩි මුදලට විකිණීමේ ජාවාරමේ යෙදී සිටි බවට විමර්ශන වලදී තහවුරු වී තිබේ.

Share This