උත්සව සමය වෙනුවෙන් අද (30) සිට විශේෂ වැටලීම්

උත්සව සමය වෙනුවෙන් අද (30) සිට විශේෂ වැටලීම්

එළඹෙන උත්සව සමය වෙනුවෙන් අද (30) සිට විශේෂ වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරනවා.

එම වැටලීම් 2024 ජනවාරි 15 දක්වා සිදු කෙරෙන බවයි එම අධිකාරිය පවසන්නේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල මහතා පවසන්නේ නිවාඩු දින වලදීත් නිලධාරීන්ට රාජකාරි පැවරීමට කටයුතු කරන බවයි.

එමෙන්ම පාරිභෝගිකයන් සඳහා භාණ්ඩවල මිල ප්‍රදර්ශනය කිරීම අත්‍යවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.