ලක්ෂ 42ක් කුලී ගෙවූ ක්‍රීඩා අමාත්‍ය කාර්යාලය හරීන් ඉවත් කරයි

ලක්ෂ 42ක් කුලී ගෙවූ ක්‍රීඩා අමාත්‍ය කාර්යාලය හරීන් ඉවත් කරයි

ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය කාර්යාලය කොළඹ 7 ක්‍රීඩා අමාත්‍යංශ ගොඩනැගිල්ලේ ස්ථාපිත කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා උපදෙස් දුන්නේය.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යංශයේ තමාට වෙන්වූ කාර්යාල කාමරය පාවිච්චි කරන්නැයි හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාට පවසා තිබේ.

තමා සංචාරක අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන හෙයින් එම අමාත්‍යංශයේ සිට අදාල රාජකාරී කටයුතු සිදුකරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට ද දැනුම් දී ඇත.

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කුලී පදනම මත පවත්වාගෙන ගිය ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය කාර්යාලයට මසකට රුපියල් ලක්ෂ 42ක් පමණ වැය වන හෙයින් මෙම තීරණය ගත් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ල කොළඹ 7 ක්‍රීඩා අමාත්‍යංශ ගොඩනැඟිල්ලේ ස්ථාපිත කිරීමෙන් වසරකට ඉතිරි වන රුපියල් කෝටි පහකට ආසන්න මුදල ක්‍රීඩා සංවර්ධන අරමුදලට බැර කරන ලෙසද ක්‍රීඩා අමාත්‍යවරයා දැනුම් දී තිබේ.

Share This