අදත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

අදත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගුගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම, යාපනය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

ඊට අමතරව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගුගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතිනවා.