මෙරට McDonald’s සියලුම ශාඛා යලි දැනුම් දෙන තුරු වසා දැමේ

මෙරට McDonald’s සියලුම ශාඛා යලි දැනුම් දෙන තුරු වසා දැමේ

මෙරට පවත්වාගෙන ගිය ඇමරිකාවේ ප්‍රකට McDonald’s අවන්හල් ජාලය මෙරටින් තාවකාලිකව ඉවත් කරගැනීමට ඇමරිකානු මව් සමාගම කටයුතු කර තිබේ.

අබාන්ස් සමගම විසින් ආහාර පාන ලබා දීමේදී පවත්වාගෙන ආ දුර්වල තත්ත්ව ප්‍රමිතිය මෙයට හේතුව ලෙස එම ආයතනය සඳහන් කර තිබෙනවා.

දිගින් දිගටම ලැබුණ පැමිණිලි හා නිරීක්ෂණ වාර්තා පදනම් කරගෙන ශ්‍රී ලංකාවෙන් සිය සන්නාමය යටතේ ආහාර ලබාදීම නවතා දමන ලෙසට ඔවුන් උසාවි නියෝගයක් ලබාගෙන තිබේ.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියළුම මැක්ඩොනල්ඩ් ශාඛා නැවත දැනුම් දෙන තුරු වසා තබනු ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ අබාන්ස් පුද්ගලික සමාගම මගින් ඇමරිකානු McDonald’s අවන්හල් ජාලය මෙරටදී පවත්වාගෙන ගිය අතර උසාවි නියෝගය සමග එහි ශාඛා ජාලයට අයත් වෙළෙඳසල් 12 ම වසා දමා ඇත.

ඒ අනුව කොල්ලුපිටියේ පිහිටි ශාඛාවක සන්නාම ගළවන අයුරු ඡායාරූපයේ දැක්වේ. මෙම ජාලයට අයත් හොට් ලයින් අංකය දැන් ක්‍රීයා කරන්නේ නැති අතර වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය පිටුද අවලංගු කරගෙන තිබේ .