වසා දැමුණු දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න හුවමාරුව විවෘත කෙරේ

වසා දැමුණු දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න හුවමාරුව විවෘත කෙරේ

අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව මේ වනවිට ගමනාගමනය සඳහා යළි විවෘත කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

පෙරේදා (01) දහවල් සිට අන්තර් හුවමාරුවේ පිවිසුම් මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් පස්වරුවේ සිට වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පියවර ගෙන තිබුණි.