රේල් පාරේ බස් එක අරන් ගිය රියදුරු ළඟ ලයිසනුත් නෑ

රේල් පාරේ බස් එක අරන් ගිය රියදුරු ළඟ ලයිසනුත් නෑ

ඊයේ උදෑසන පුද්ගලික බස් රථයක් අන්තරාදායක ලෙස දුම්රිය මාර්ගයක ධාවනය කළ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

බස් රිය මද දුරක් දුම්රිය මාර්ගයේ ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය විය.

කොළඹ – රත්නපුර මාර්ගපේ තුම්මෝදර ප්‍ර දේශයේදී රථවාහන තදබදයක් පැවැති අවස්ථාවක මෙසේ බස්රිය මාර්ගයෙන් පිටතට ගෙන දුම්රිය මාර්ගයේ ධාවනය කරවා තිබුණි.

ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ නිලධාින් විසින් එම බස් රථය හා රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ සිට සූරියවැව දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර රියදුරු 45 වැනි වියේ පසුවන මොරකැටිය පදිංචිකරුවෙකි.

එසේම ඔහුගේ රියදුරු බලපත්‍රය මිට පෙර අවස්ථාවක බීමත්ව රිය පැදවීමේ වරදට අධිකරණය විසින් මාස 4ක කාලයක් සඳහා අත්හිටුවා තිබියදී රියදුරු විසින් බස් රථය ධාවනය කර ඇත.