පුහුණුවක් අතරතුර නාවික හමුදා සෙබළෙක් දියේ ගිලී මරුට

පුහුණුවක් අතරතුර නාවික හමුදා සෙබළෙක් දියේ ගිලී මරුට

හික්කඩුව පන්නම්ගොඩ ප්‍රදේශයේ මුහුදු තීරයේ සිදුකළ පුහුණු රාජකාරියක් අතරතුරදී නාවික හමුදා සෙබළෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

බලපිටිය නාවික හමුදා කඳවුරේ සෙබළුන් කිහිපදෙනෙකු පුහුණු රාජකාරියේ නිරතව සිට ඇති අවස්ථාවේදී ඉන් එක් සෙබළෙකු දියේ ගිලී අසාධ්‍ය තත්ත්වයේ පසුවීම හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

එහිදී එම නාවික හමුදා සෙබළා මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ 33 හැවිරිදි වියේ පසුවූ දොඩන්දූව කටුවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )