කොළඹ ප්‍රදේශ රැසකට අද පැය 20 ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට අද පැය 20 ක ජල කප්පාදුවක්

පැලැන්වත්ත කනත්ත පාර පොම්පාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (13) පැය 20ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, ගොරකපිටිය, සිද්දමුල්ල, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම – පිළියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, මැදවල පාර, බෝකුන්දර පාර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

අද (13) පෙරවරු 10 සිට හෙට (14) පෙරවරු 6.00 දක්වා එම ප්‍රදේශවලට මෙම ජල සැපයුම අත්හිටුවීම ක්‍රියාත්මක වේ.