හිටපු නාවුක හමුදාපති දයා සඳගිරි සජබයට

හිටපු නාවුක හමුදාපති දයා සඳගිරි සජබයට

ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 14 වැනි නාවුක හමුදාපති මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි වූ විශ්‍රාමික, දයා සඳගිරි මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.

පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඔහු එහි සාමාජිකත්වය ලබාගෙන ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහුව සමගි ජනබලවේගයේ සමුද්‍රීය හා නාවුක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශකවරයකු ලෙස පත් කිරීමට පියවර ගෙන ඇති බවයි සමඟි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.