මාසික ජල බිල්පත කෙටි පණිවිඩයක් මගින්

මාසික ජල බිල්පත කෙටි පණිවිඩයක් මගින්

ප්‍රදේශ කිහිපයකට කෙටි පණිවිඩ මඟින් මාසික බිල්පත් ලබා දෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

දකුණු කොළඹ, මහනුවර,පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලට මෙම කෙටි පණිවිඩ සේවාව ක්‍රියාත්මක බවයි, මණ්ඩලය පැවසුවේ .

2023 ඔක්තෝම්බර් 01 වනදා සිට මෙය ක්‍රියාත්මක වනු ඇත.

ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් දන්වා සිටියේ මෙම ක්‍රමය 2024 ජනවාරි 01 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බවයි.