ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.

ඒ අනුව ගාස්තු සංශෝධනය බලාත්මක වන්නේ අගෝස්තු මස 01වනදා සිට ක්‍රියාත්මකවන පරිදිය.

පසුගිය වසරේ නිකුත් කර තිබූ ගැසට් නිවේදනයට අනුව ගාස්තු සංශෝධනය වන බවට දක්වා ඇති අතර ඒ අනුව ඇතැම් ගාස්තු අඩු කිරීමක් ද එමගින් දක්නට ලැබේ.

මෙම ජල ගාස්තු සංශෝධනය මගින් ජල ගාස්තු ඉහළ දැමීමක් සිදුකර ඇති අතර පරිහරණය කරන ඒකක ප්‍රමාණය අනුව එම ගාස්තු වැඩිවීම සිදුවේ.

කෙසේවෙතත් සමෘද්ධිලාභීන්ගේ සහ වතු නිවාසවල ජල ගාස්තු ඉහළ දැමීමක් මෙවර ගාස්තු සශෝධනයේ දී සිදුකර නොමැති බව සඳහන් ය.

අනෙක් සෑම ක්ෂේත්‍රයක් සඳහාම වන ජල ගාස්තුව ඉහළ දමා ඇති අතර ගෘහස්ථ ජල ගාස්තුව ද මුල් ඒකක 05 සඳහා රුපියල් 20ක් වු ඒකකයක මිල නව ගාස්තු සංශෝධනයේ දී ඒකකයක් රුපියල් 60 දක්වා ඉහළ දමා තිබේ.

පොදු ජල කරාම, උද්‍යාන ජල කරාම, රජයේ පාසල්, ආගමික ස්ථාන,රජයේ අනුමත පුණ්‍යායතන, රජයේ ආයතන සහ රජයේ රෝහල්වල ජල ගාස්තුව ද මෙවර ගාස්තු සංශෝධනයේ දී ඉහළ දමා තිබීම විශේෂත්වයකි.

ඒකකයක් සඳහා අය කරන ගාස්තුව ඉහළ දැමීමට අමතරව මාසික සේවා ගාස්තුව ද මෙවර සංශෝධනයේදී ඉහළ දමා තිබේ.

මීට පෙර පසුගිය සැප්තැම්බර් මස පළමු වනදා ද ජල ගාස්තු ඉහළ දැමීමක් සිදුකරනු ලැබීය.

ජල ගාස්තුවලට අමතරව පාරිභෝගිකයින්ගේ මලාපවහන ගාස්තු ද අගෝස්තු මස 01වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.

ගෘහස්ථ පරිභෝජනයේ නව ගාස්තු වැඩිවීම පහතින්,

0 – 5 ඒකකයක් රු. 60
මාසික ගාස්තුව රු. 300

6 -10 ඒකකයක් රු. 80
මාසික ගාස්තුව රු. 300

11 -15 ඒකකයක් රු. 100
මාසික ගාස්තුව රු.300

16 – 20 ඒකකයක් රු. 110
මාසික ගාස්තුව රු. 400

21 – 25 ඒකකයක් රු. 130
මාසික ගාස්තුව රු. 500

ගැසට් නිවේදනය මෙතැනින්..

Share This