කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයකට පැය 14ක ජල කප්පාදුවක් හෙට

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයකට පැය 14ක ජල කප්පාදුවක් හෙට

හෙට (27) පස්වරු 5.00 සිට කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයකට පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ, අනුව හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

කොළඹ 05 සහ 06, දෙහිවල, ගල්කිස්ස සහ මොරටුව නගර සභා බල ප්‍රදේශ ජයන්තිපුර, පැලවත්ත යන ප්‍රදේශ සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

අඹතලේ ජාල සැපයුමේ වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි ජලසම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

Share This