වසන්ත කරන්නාගොඩට අමෙරිකාවට ඇතුල් වීම තහනම් කරයි

වසන්ත කරන්නාගොඩට අමෙරිකාවට ඇතුල් වීම තහනම් කරයි

හිටපු නාවික හමුදාපතිවරයෙකු වන වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට සහ ඔහුගේ බිරිඳ වන ශ්‍රීමතී අශෝකා කරන්නාගොඩට අමෙරිකා එක්සත් ජනපදයට ඇතුල් වීම වළක්වාලමින් තහනමක් පනවා තිබේ.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ වසන්ත කරන්නාගොඩ මහතාට එම තහනම පනවා ඇති බවයි.

යුද ගැටුම් පැවති සමයේ එවකට නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කිරීමේ දී සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවක් හේතුවෙන් වසන්ත කරන්නාගොඩ මහතාට එම තහනම පැනවීමට තීරණය කර ඇති බවයි, නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටෝනි ජේ. බ්ලින්කන් සඳහන් කළේ.