ආයුර්වේද වෛද්‍යවරියක් ගෙල කපා ඝාතනය කෙරේ

ආයුර්වේද වෛද්‍යවරියක් ගෙල කපා ඝාතනය කෙරේ

කළුතර උතුර ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරියක මාළු කපන මන්නයකින් ගෙල කපා ඝාතනය කර ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි .

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර උතුර කැලිඩෝ පාරේ පදිංචිව සිටි ඩබ්ලිව්. ප්‍රේමවතී නැමැති කැඩුම් බිදුම් වෛද්‍යවරියක් බව පොලිසිය කීය.

ඇයගේ මළසිරුර අද අළුයම 5 ට පමණ නිවස පිටුපස ගෙලෙහි කැපුම් තුවාල සහිතව වැටී සිටින අයුරු දියණිය දැක පොලිසියට දැනුවත් කර ඇතැයි පොලිසිය පවසයි .

ඝාතනය සඳහා යොදාගත් බවට සැක අඩි දෙකකට ආසන්න දිගකින් යුත් මාළු කපන ලේ තැවරුන මන්නා පිහිය සොයාගෙන ඇති බවද පොලිසිය පැවසීය.

එම පිහිය ඇය පදිංචි සිටි දියණියට අයත් නිවසේ මුළුතැන්ගෙයි මාළු කැපිම සදහා භාවිතා කල එකක් බවද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

කළුතර සහකාර පොලිස් අධිකාරී සුනෙත් ශාන්ත ස්ථානීය පරීක්ෂණය සිදුකළ අතර , අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සහ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිස් නිළ සුනඛයන් ගෙන්වීමට කටයුතු කරන බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය.