ටෙස්ට් පිටියෙන් සමුගත් වනිඳු නැවතත් සංචිතයට

ටෙස්ට් පිටියෙන් සමුගත් වනිඳු නැවතත් සංචිතයට

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන සිටින දඟ පන්දු යවන තුන් ඉදිරියව් ක්‍රීඩක වනිඳු හසරංග නැවතත් ටෙස්ට් සංචිතයට කැඳවා තිබේ.

ඒ බංග්ලාදේශය සමගින් පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් සංචිතයට ඔහු ඇතුළත් කරමිනි.

පළමු තරගය ලබන 22 වැනිදා ආරම්භ විමට නියමිතය. මෙම ටෙස්ට් සංචිතය සඳහා ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් මෙන්ම රමේෂ් මෙන්ඩිස්ද කැඳවා තිබේ.

වනිඳු හසරංග තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ප්‍රකට අතර ඔහු පසුගිය වසරේ ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව සඳහන් කළේය.

ඒ වන විට ඔහු තරග හතරකදී ලකුණු 196ක් රැස්කිරීමට සමත්ව තිබුණ අතර කඩුලු 4ක්ද බිඳ හෙලා තිබුණි.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය, ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), දිමුත් කරුණාරත්න, නිෂාන් මධුෂ්ක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ළහිරු උදාර, වනිඳු හසරංග, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, නිෂාන් පීරිස්, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර සහ චාමික ගුණසේකර යන ක්‍රීඩකයන්ගෙන් සමන්විතය.

Share This