ඉදිරි මෝටර් රථ තරඟ සඳහා දැඩි ආරක්ෂාවක් – ප්‍රේක්ෂකයන්ට තරඟ නැරඹීමට විශාල දුරක්

ඉදිරි මෝටර් රථ තරඟ සඳහා දැඩි ආරක්ෂාවක් – ප්‍රේක්ෂකයන්ට තරඟ නැරඹීමට විශාල දුරක්

මෝටර් රථ ධාවකයන්ගේ සහභාගීත්වයෙන් sri lanka automobile sports සංගමයේ රැස්වීමක් ඊයේ (8) දින කොළඹදී පැවැත්වුණා
ෆොක්ස්හිල් අනතුරු සිද්ධියත් සමග තරඟ කිහිපයක් අවලංගු කිරීමට සිදුවූ බවත් ඉදිරියේදී පැවැත්වෙන තරඟ එලෙසම පැවැත්වීමට කටයුතු කරන බවත් sri lanka automobile sports සංගමයේ ලේකම්වරයා කියා සිටියා

ඉදිරියේදී ප්‍රේක්ෂකයන් සඳහා දැඩි ආරක්ෂාවක් යොදවන අතර ප්‍රේක්ෂකයන්ට තරඟ නැරඹීමට හැකි වන්නේ ඉතාමත් දුරකින් බවත් ලේකම්වරයා එහිදී පැවසුවා.

ෆොක්ස්හිල් අනතුරින් අගතියට පත් පිරිසට ක්‍රීඩා අමාත්‍යංශයෙන් මෙන්ම එම සංගමයෙන්ද ආධාරයක් ලබාදෙන බවද ඔහු මෙහිදී කියා සිටියා.