කොළඹ සහ අවට නගර වල රථ­වා­හන පාල­නයට නව පොලිස් ඒක­ක­යක්

කොළඹ සහ අවට නගර වල රථ­වා­හන පාල­නයට නව පොලිස් ඒක­ක­යක්

කොළඹ සහ ඒ අවට නගර ආශ්‍රි­තව රථ­වා­හන පාල­නය කිරී­මට ‘නාග­රික රථ­වා­හන පොලි­සිය’ නමින් නව පොලිස් ඒක­ක­යක් ස්ථාපිත කිරී­මට අව­ධා­නය යොමුව තිබේ .

කොළඹ සිට කඩ­වත, කටු­නා­යක, කඩු­වෙල, මොර­ටුව, කොට්ටාව, පිළි­ය­න්දල දක්වා දිවෙන සිය­ලුම පොලිස් බල ප්‍රදේ­ශ­ වල ස්ථාපිත කිරී­මට නිය­මිතය. නව නාග­රික රථ­වා­හන පොලි­සියේ බල­ ප්‍ර­දේශ ලෙස ඉහත ප්‍රදේශ සැල­කෙන බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

මෙම නව පොලිස් ඒක­කය ස්ථාපිත කිරීමේ කට­යුතු කඩි­න­මින් සිදු කරනු ඇති බවත් එහිදී කොළඹ නාග­රික රථ­වා­හන පොලි­සිය, බස්නා­හිර දකුණ සහ බස්නා­හිර උතුර යන පොලිස් අංශ අහෝසි වනු ඇති බවත් එම නිල­ධා­රියා කීය.

මේ සඳහා මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යං­ශයේ අනු­මැ­තිය මේ වන විට ලැබී තිබේ.

නව නාග­රික රථ­වා­හන පොලිස් ස්ථානය ස්ථාපිත කිරී­මත් සමඟ එම රථ­වා­හන දිසාව භාර බල ප්‍රදේ­ශය තුළ පිහිටි සිය­ලුම පොලිස් ස්ථාන­වල රථ­වා­හන අංශ­වල නිල­ධා­රීන් බස්නා­හිර පළාත් රථ­වා­හන නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා යට­තට පත්වනු ඇති බව පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

 

Share This