වනිඳුට ICCයෙන් දඩයක්

වනිඳුට ICCයෙන් දඩයක්

නෙදර්ලන්තයට එරෙහිව පසුගිය මස 30 වනදා පැවති ක්‍රිකට් තරගයේ දී ICC චර්යාධර්ම කඩ කිරීමේ වරදක් හේතුවෙන් ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට දඩ මුදලක් නියම කර තිබේ.

ඒ අනුව, ඔහුගේ තරඟ ගාස්තුවෙන් 50%ක දඩයක් සහ දෝෂ ලකුණක් ලබාදී ඇති බව වාර්තා වේ.

වනිඳු දැවී යාමෙන් අනතුරුව පිටියෙන් ඉවත්ව යාමේ දී ඔහු විසින් හතරේ සීමාවට ආක්‍රමණශීලි ලෙස පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

එම වරද වනිඳු විසින් පිළිගැනීම නිසා ICCය ප්‍රකාශ කර ඇත්තේ, ඒ සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බවයි.

වනිඳු හසරංග වසරක් තුළ සිදුකළ මෙවැනි ආකාරයේ දෙවැනි වරද මෙය වන බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.

මේ අතර, එම තරගයේදී අබාධයකට ලක් වූ ළහිරු කුමාර යළි දිවයිනට එවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ වෙනුවට සහන් ආරච්චිගේ සංචිතයට කැඳවීමටයි නියමිතව ඇත්තේ.