හන්තාන නැග්ග සරසවි සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් – 42ක් රෝහලට

හන්තාන නැග්ග සරසවි සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් – 42ක් රෝහලට

හන්තාන කන්ද තරණය කිරීමට පැමිණි ශ්‍රී ජවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ මීපේ විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් සිසු සිසුවියන් 42 දෙනෙකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල්ගත කළ සිසුන් අතර සිසුවියන් 15 දෙනකු සහ සිසුන් 27 දෙනකු සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම සිසුන් ඊයේ (01) දහවල් හන්තාන කඳු තරණයට එක්ව ඇති අතර සවස් කාලයේ බඹර ප්‍රහාරයට ලක්ව තිබේ.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පණිවිඩයකට අනුව පොලිස් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සුවසැරිය ගිලන් රථ මගින් තුවාලකරුවන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම හන්තාන තරණය සඳහා සිසු සිසුවියන් 275 දෙනකු සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් 64 දෙනකු එක්ව තිබූ අතර තුවාල ලැබූ සිසු සිසුවියන් හැර අනෙකුත් සිසුන් ඔවුන් පැමිණි බස් රථ වලින්ම ආපසු ගම් බිම් බලා පිටත් කරවීමට පොලිසිය කටයුතු කර තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.