සැමියා ඝාතනය කල හැටි වසර 33කට පසු බිරිද හෙළි කරයි

සැමියා ඝාතනය කල හැටි වසර 33කට පසු බිරිද හෙළි කරයි

මව ඇයගේ අනියම් සැමියා බව කියන පුද්ගලයකු සමග එක්වී මීට වසර තිස් තුනකට පමණ ඉහතදී පියා ඝාතනය කර සිරුර ගෙවත්තේ පිහිටි වැසිකිළි වළකට දමා සඟවා ඇති බව කියමින් එම කාන්තාවගේ පුතකු ඌරුබොක්ක පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

දොලමුල්ල අන්නාසි වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කපුගේ ජිනදාස නමැති තමාගේ පියා මෙසේ ඝාතනය කර ඇති බවට ඔහුගේ පුතකු වන කපුගේ සුනිල් නැමැත්තා ඌරුබොක්ක පොලීසියට මෙම පැමිණිල්ල  ඉදිරිපත් කර තිබේ.

දැනට ආබාධිතව සිටින මව විසින් “මම පව්කාර වැඩක් කලා”යනුවෙන් ඇයගේම නැගනියට පවසා එම ඝාතනය පාපොච්චාරණය කර තිබෙනවා.

පියා මරා සැඟ වූ වැසිකිළි වළ මත පොල් පැලයක් එම වකවානුවේම මව සහ ඇයගේ අනියම් සැමියා බව කියන පුද්ගලයා විසින් සිටුවා ඇති බවත් එම පොල් පැළය සරුවට වැවී දැනටත් තිබෙන බවත් පැමිණිලිකරු පොලිසියට පවසා ඇති බව දැන ගැනීමට ඇත.

මේ පිලිබඳ ව ඌරුබොක්ක පොලිසියේ ස්ථානාධිපති විසින් අධිකරණය දැනුවත් කර ඇති අතර අද (15) දින මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ එම මෘත ශරීරය ගොඩගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

Share This