විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් කැඳවීම අදින් අවසන්

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් කැඳවීම අදින් අවසන්

2022 අපොස උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් කැඳවීම අදින් අවසන් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

අයැදුම්පත් ප්‍රමාණය පරීක්ෂා කර විශ්වවිද්‍යාල ආරම්භ කරන දින වකවානු පිළිබඳව දැනුම්දීමක් සිදු කරන බවයි, එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ.

මෙවර සිසුන් 45,000 ක් පමණ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට තෝරා ගැනීමට බලාපොරොත්තු වන බව සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

Share This