රෝහලේ විවේකාගාරයේ දී හෙදියකගේ නිරුවත වීඩියෝ කළ සුළු සේවකයෙකු අල්ලයි

රෝහලේ විවේකාගාරයේ දී හෙදියකගේ නිරුවත වීඩියෝ කළ සුළු සේවකයෙකු අල්ලයි

රෝහලේ විවේකාගාරයේ නාන කාමරයට ගොස් ඇඳුම් මාරු කරමින් සිටි හෙද නිලධාරිනියකගේ නිරුවත් දසුන් වීඩියෝ කළ බවට ලැබුණු පැමිණිල්ලක් මත එම රෝහලේ සුළු සේවකයෙකු ඊයේ (27) අත් අඩංගුවට ගත් බව උඩුගම පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අක්මිමන, පින්නදුව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි වියේ පසුවන අයෙකි.

හෙදි නිලධාරිණිය රෝහලේ විවේකාගාරයේ නාන කාමරයට ගොස් ඇදුම්මාරු කරමින් සිටියදි සුළු සේවකයා විසින් නාන කාමරයේ කවුළුවෙන් සිය ජංගම දුරකථනය යොදාගෙන වීඩියෝ කළ බවට පොලිසියට සිදු කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.

පොලිසිය විසින් මෙම ස්ථානයේ තිබු සි.සි.ටි. වී දර්ශන පරික්ෂාකොට ඇති අතර සැකකාර සුළු සේවකයා එම ස්ථානයෙන් ගමන් කරන අයුරු එහි සටහන්ව තිබු බව පොලිසිය පවසයි.

ලිංගික අපයෝජනය කිරිමේ චෝදනාව යටතේ සුළු සේවකයා අද (28) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.