පාරිසරික වැරදි ගැන කියන්න කෙටි අංක දෙකක්

පාරිසරික වැරදි ගැන කියන්න කෙටි අංක දෙකක්

පාරිසරික වැරදි සම්බන්ධව යම් තොරතුරක් වෙතොත් පොලිස් විශේෂ කාර්යාංශයේ 1997 හදිසි ඇමතුම් අංකය හෝ මධ්‍යම පරිසර අධිකාරියේ 1981 යන කෙටි දුරකථන අංක ඔස්සේ දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

පරිසරය විනාශ කිරීම් සම්බන්ධව වැටලීම් සිදුකිරීම සඳහා මහජනතාවගෙන් ලැබෙන තොරුතුරු ඉතා වැදගත් බැවින් පොලිස්පතිවරයා විසින් එම දුරකථන අංක හඳුන්වා දී තිබේ.

ඒ අනුව, ඛනිජ ද්‍රව්‍ය ලබාගැනීම සඳහා සිදුකරනු ලබන කැනීම්, ගං ඉවුරු ආශ්‍රිතව සිදුකරන නීතිවිරෝධී කැනීම්, කර්මාන්ත ශාලා මඟින් අනීතිකව සිදුකරනු ලබන පාරිසරික හානි හා ශබ්ද දුෂණය ආදිය මඟින් වන සතුන්ට සහ පරිසරයට ප්‍රබල බලපෑමක් සිදුකර ඇතැයි පොලීසිය පවසයි.

ඔබේ ප්‍රදේශයේත් මෙවැනි පාරිසරික හානියක් සිදුවන්නේ නම් වහාම ඉහත දුරකථන අංක ඔස්සේ දැනුවත් කරන ලෙස පොලීසිය සඳහන් කරයි.

Share This

COMMENTS