නව ප්‍රතිපත්තියකට යටත්ව වාහන ආනයනයට රජයේ අවධානය

නව ප්‍රතිපත්තියකට යටත්ව වාහන ආනයනයට රජයේ අවධානය

නව ප්‍රතිපත්තියකට යටත්ව මෙරටට වාහන ආනයනය කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාහන ආනයනය සම්න්ධයෙන් සොයාබලන අනුකමිටුවේ සාමාජික අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසයි.

මෙම තීරණයට එළඹ ඇත්තේ එම අනුකමිටුව අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධණගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මෙලෙස පැවසීය,

මෙම අනුකමිටුවේ අපි වාහන ආනයනය සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් ඉදිරියට ගෙන යන්න. පසුගිය අවුරුදු 15 – 20 තුළ අපි කිසිදු ප්‍රතිපත්තියක් නැතිව වාහන ආනයනය කිරීම් සිදු කළා.

ඒවායේ අවසාන ප්‍රතිඵලය වුනේ මෙරටට අවශ්‍ය කරන වාහනවලට අමතරව තවත් විශාල ප්‍රමාණයක් ඉන්ධන වැඩිපුරම පාවිච්චි කරන වාහන වැනි දේවල් ආනයනය කළා.

ඒ නිසා අපි මෙකෙදි බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිපත්තියක් ඇතුව වාහන ආනයනය කරන්න අවස්ථාව ලබාදෙන්න. ඒ සදහා අපි ඉදිරියේදී කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

Share This