පොඩි දෝෂයක් නිසා ගම්පහ රෝහලේ සී.ටී.ස්කෑන් යන්ත්‍රය අක්‍රීය වෙලා – රෝගීන් දැඩි අපහසුතාවට

පොඩි දෝෂයක් නිසා ගම්පහ රෝහලේ සී.ටී.ස්කෑන් යන්ත්‍රය අක්‍රීය වෙලා – රෝගීන් දැඩි අපහසුතාවට

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි සී.ටී.ස්කෑන් යන්ත්‍රය අක්‍රීයවීම හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මාසයක පමණ කාලයක සිට මෙම තත්ත්වය පැවතීම මත හදිසි අනතුරු වලට ලක්වන රෝගීන් මෙන්ම හදිසි පරීක්ෂණ කිරීම පිණිස රාගම සහ කොළඹ ජාතික රෝහල් වෙත රෝගීන් මාරුකර යැවීමට සිදුව ඇති බව පැවසේ.

ගම්පහ රෝහලට ඉතා අවශ්‍යව පැවති මෙම ස්කෑන් යන්ත්‍රය මීට වසර කිහිපයකට පෙර ලැබී ඇති අතර මේ වනවිට ඊට යෙදිය යුතු කොටසක් සවිකළ යුතුව ඇති මුත් අදාල සමාගමෙහි වගකීම් කාලය අවසන් බැවින් වාර්ෂික සේවා ගිවිසුම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අත්සන් කිරීම සිදු නොවීම මත මෙය අලුත් වැඩියා කිරීම පමාවී ඇති බව දැනගන්නට ඇත.

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේදී දෛනිකව අවම වශයෙන් හදිසි රෝගීන් 10 – 15 ක් පමණ සී.ටී.ස්කෑන් පරීක්ෂණ සදහා යොමු කිරීමට සිදුවන තත්ත්වයක් පවතින බැවින් දැනට යන්ත්‍රය අක්‍රීයව පැවතීම හේතුවෙන් රෝගීන් වෙනත් රෝහල් කරා යැවීමට සිදුව තිබීම කෙරෙහි අවධානය යොමු කොට එය අලුත්වැඩියා කිරීමට අදාල බලධාරීන් අවශ්‍ය පියවර ගත යුතුව ඇත.