මෝටර් රථ 112ක් පැවරීම සහ අන්සතු කිරීම වළක්වාලමින් නියෝගයක්

මෝටර් රථ 112ක් පැවරීම සහ අන්සතු කිරීම වළක්වාලමින් නියෝගයක්

නිසි පරිදි බදු නොගෙවා රේගුවෙන් නිෂ්කාශනය නොකර ලියාපදිංචි කර තිබෙන සුඛෝපභෝගී මෝටර් රථ 112ක් පැවරීම සහ අන්සතු කිරීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝගයක් නිකුත් කළේය.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.