කැනියුලාවක් නිසා සිදු වූ විෂබීජ ආසාදනයකින් සෞඛ්‍ය අංශ සේවකයෙක් ජීවිතක්ෂයට

කැනියුලාවක් නිසා සිදු වූ විෂබීජ ආසාදනයකින් සෞඛ්‍ය අංශ සේවකයෙක් ජීවිතක්ෂයට

ජාතික ඖෂධ නියාමන අධිකාරියට (NMRA) අනුයුක්තව සේවය කළ සේවකයෙකු කැනියුලා හරහා ඖෂධයක් ලබා දීමෙන් පසු ඇති වූ ආසාදනයක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා.

වයස අවුරුදු 33ක් පමණ වන මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහුට කැනියුලා මගින් ඖෂධයක් ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත්, මරණයට සැබෑ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, එබැවින් සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් කළමනාකාරීත්වය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

මියගිය පුද්ගලයා හෘදයාබාධ, ඇදුම වැනි නිදන්ගත රෝග කිහිපයකින් පීඩා විඳි කළමනාකරණ සහකාරවරයෙක් බවයි වාර්තා වන්නේ.

Share This