web hit counter
බැංකු නිලධාරියෙකු ව්‍යායාම කරද්දී මැරී වැටේ

බැංකු නිලධාරියෙකු ව්‍යායාම කරද්දී මැරී වැටේ

බොරලැස්ගමුව පාපැදි මංතීරුවේ පාපැදි ව්‍යායාම් කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (17) උදෑසන පාපැදියද සමග හදිසියේ ඇදවැටී මිය ගොස් ඇතැයි බොරලැස්ගමුව පොලීසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ, බොරලැස්ගමුව අබේරත්න මාවත පදිංචි වයස අවුරුදු 49 ක් වන පෞද්ගලික බැංකුවක විධායක නිලධාරිවරයෙක් බව පොලීසිය කියයි.

මෙම මරණය පාපැදි පදින අතර ඇතිවූ හදිසි හෘදයාබාධයක් විය හැකි බවට පොලීසිය සැකකරයි.

වැඩිදුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මෘත ශරීරය දකුණු කොළඹ ශීක්‍ෂණ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යවනු ලැබූ බවද පොලීසිය පවසයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )