අලුත් VAT බදු පැනවූ අයිතම 95 ලැයිස්තුව ‍මෙන්න

අලුත් VAT බදු පැනවූ අයිතම 95 ලැයිස්තුව ‍මෙන්න

2024 වසරේ ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් ඇතුළත් වන භාණ්ඩ ලැයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

අයිතම 95 ක් සඳහා මීට පෙර අය කළ 0% වැට් බද්ද 18% ක් දක්වා අය කෙරෙන බවයි, සඳහන් වන්නේ.

ඒ අනුව, LP ගෑස්, පෙට්‍රල්, ඩීසල් සඳහාද වැට් බද්ද පනවා ඇති අතර සියලු ජංගම දුරකථන, වෛද්‍ය හා තාක්ෂණික උපකරණ, ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍ර සූත්‍ර සහ ගිලන් රථ ආනයනය කිරීමේදීද වැට් බද්ද පනවා තිබේ.

රසායනික පොහොර කෘෂිකර්ම යන්ත්‍රෝපකරණ, සූර්ය පැනල, ගෘහස්ථ සූර්ය බල පද්ධති, දේශීයව නිෂ්පාදනය කරන සීනී, ස්වර්ණාභරණ, මෘදුකාංග, ෆාම් ඔයිල්, කොප්පරා, රබර්, බිත්තර, තේ, පොල්තෙල්, පොල් කිරි හා දියර කිරි සඳහාද වැට් බද්ද පනවා ඇති බවද සඳහන්.

පාවහන් නිෂ්පාදනයට යොදාගන්නා නිම කරන ලද සම්භාණ්ඩ, චිත්‍ර ශිල්පීන් විසින් නිර්මාණය කරන චිත්‍ර අලෙවි කරන අවස්ථාවේදීද වැට් බද්ද පනවා ඇති අතර සංචාරකයින් ගෙන්වීමේදී ලබාදෙන සේවාවන් සඳහා සංචාරක ආයතනවලින් ඊට අදාළව ලබාදෙන සේවාවන් සඳහාද වැට් බද්ද පනවා තිබේ.

චිත්‍රපට බෙදාහැරීම, ප්‍රදර්ශනය, නිෂ්පාදනයේදී රසායනාගාර පහසුකම් සඳහා වැට් බද්ද පනවා ඇති අතර දේශීය ධාන්‍ය වර්ග යොදා ගනිමින් නිෂ්පාදනය කරන අධිපෝශිත ආහාර (ත්‍රිපෝෂ) සහ දේශීයව නිෂ්පදිත පොල්තෙල් සඳහාද වැට් බද්ද පනවා ඇති බවයි සඳහන් වන්නේ.

Share This