උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියට භාණ්ඩ ප්‍රවාහන මැදිරියක් (23) දින උදැසන පිලි පැනිම හේතුවෙන් ඇණ හිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු පස්වරු 2 සිට යලි යථා තත්ත්වයට පත් කල බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසිය.

කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ භාණ්ඩ ප්‍රවාහන මැදිරියක් (23) දින උදැසන 8.30 ට පමණ තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන දෙක අතර 118 ¼ සැතපුම් කණුව අසලදි පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති විය.

දුම්රිය පිලි පැනිම හේතුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියත්, බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියත් භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පිලි පැන තිබු ස්ථානය දක්වා ධාවනය කර දුම්රියන් දෙකෙහි ගමන් ගත් මගින් දුම්රියන් අතර මාරු කර සිය ගමනාන්නතය දක්වා යැවිමට නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පියවර ගෙන තිබුණි.

පිලි පැනිමට ලක් වු භාණ්ඩ ප්‍රවාහන දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේ ආපදා අංශයේ සහ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් එක්ව පිලිගත කරනු ලැබුහ.

දුම්රිය මැදිරිය පිලි පැනිම හේතුවෙන් දුම්රිය මාර්ගයට අලාභ හානි සිදු වි තිබුණි.

Share This