විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැටුප් ගැටලුවට විසඳුම් ලබාදීම කල්යයි

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැටුප් ගැටලුවට විසඳුම් ලබාදීම කල්යයි

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැටුප් ගැටලුව විසඳීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව සම්මත වීම තවදුරටත් ප්‍රමාද වී තිබේ.

අදාළ ගැටලුව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ඊයේ (13) රැස්වූ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති නමුත් එය මුදල් අමාත්‍යාංශය වෙත අනුමැතිය සඳහා යොමු කිරීමට තීරණය වී ඇති බව සඳහන්.

ඒ අනුව, එම යෝජනාව මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළි අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරවීමටයි අමාත්‍ය මණ්ඩලයේ දී තීරණය වී ඇත්තේ.

කෙසේවෙතත් සිය ගැටලුවට විසඳුම් ලබාදීම තවදුරටත් ප්‍රමාද වීම හේතුවෙන් ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය දැඩි කිරීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා පැවසීය.