නියාමකවරියක් ඝාතනය කරන්න ජේලර්වරියක්, රැදවියෙක්ට කොන්ත්‍රාත්තුවක් දීලා

නියාමකවරියක් ඝාතනය කරන්න ජේලර්වරියක්, රැදවියෙක්ට කොන්ත්‍රාත්තුවක් දීලා

ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියක් එම බන්ධනාගාරයේම බන්ධනාගාර නියාමකවරියක් ඝාතනය කිරිම සදහා කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකොට ඇති බව ගාල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශය පවසයි.

විවිධ අපරාධ සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාරයේ රදවා සිටින කාන්තා රැදවියෙක්ට බන්ධනාගාර ජේලර්වරිය විසින් මෙම කොන්ත්‍රාත්තුව ලබාදි ඇති බව බන්ධනාගාර නියාමකවරිය විසින් පොලිසියට කරණු ලැබු පැමිණිල්ලේ සදහන් වේ.

බන්ධනාගාර නියාමකවරිය ඝාතනය කිරිම සදහා ජේලර්වරිය විසින් තමන්ට කොන්ත්‍රාත්තුව ලබා දුන් බවට එම කාන්තා රැදවිය විසින් වෙනත් කාන්තාවකට පවසා ඇත.

ඇය මේ බව බන්ධනාගාර නියාමකවරියට දැනුම් දි ඇති බව පොලිසිය පවසයි.