රෝහණ හෙට්ටිආරච්චිට ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපතිකම

රෝහණ හෙට්ටිආරච්චිට ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපතිකම

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා, ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති ධුරයට පත් කර තිබේ.

පසුගියදා අවසන්වූ තායිලන්ත මහා මැතිවරණය අතරතුර බැංකොක් නගරයේ දී පැවැති ආසියානු මැතිවරණ ජාලයේ 8 වන මහා සභා රැස්වීමේදී රටවල් 18 ක හා සංවිධාන 29ක් අතරින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා එහි අධ්‍යක්ෂක වරයෙක් ලෙස හා සභාපතිවරයා ලෙස පත්කරගනු ලැබීය.

එම මහා සභා රැස්වීමේදී මහලේකම් ධුරයට පිලිපීන ජාතික පිලි කෝරා මහත්මියත් භාණ්ඩාගාරික ධුරයට තායිලන්ත ජාතික පී.සකූල් මහතාත් පත්වූ අතර අධ්‍යක්ෂ මණ්ඩලයට ඉන්දුනීසියා, මියන්මාර, මොංගෝලියාව, මාලදිවයින හා නේපාලනය නියෝජනය කරමින් සාමාජිකයින් තේරීපත්විය.

ඒ අනුව, 2026 වසරේ මැයි මාසය දක්වා ඒ මහතා එම ධුරය දරනු ඇත. රෝහණ හෙට්ටිආරච්චි මහතා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති ධුරයට පත්වීමට ප්‍රථම ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ මහලේකම්වරයා ලෙස වසර දහතුනක කාලයක් කටයුතු කර ඇත.

Share This