උමා ඔය ඉරිතැලීම් ඇත්දැයි සොයන්න භූ විද්‍යාඥයින් හෙට නිරීක්ෂණ චාරිකාවක

උමා ඔය ඉරිතැලීම් ඇත්දැයි සොයන්න භූ විද්‍යාඥයින් හෙට නිරීක්ෂණ චාරිකාවක

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ඒ ආශ්‍රිත නායයාමක් හෝ වෙනත් ගැටළුකාරී තත්ත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බවත්, වර්ෂාපතනය සමඟ ඇති වන කුඩා දිය ඇලි පෙන්වමින් ඇතැමුන් ජනතාව නොමඟ යැවීමට උත්සාහ දරණ බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හේරත් මහතා පවසයි.

උමා ඔය ප්‍රදේශය ආශ්‍රිතව සිදුව ඇතැයි පැවසෙන ඉරිතැලීම් සහ ජල ගැලීම් සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායමක් හෙට දින (01) අදාළ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

Share This