අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග කුඩු ධනු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග කුඩු ධනු අත්අඩංගුවට

දැනට විදේශ රටක සැගවී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාතර කල්ප යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන කුඩු ධනු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාන්තාව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකකට අධික ප්‍රමාණයක් සහ මුදල් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකා මූලස්ථාන කදවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකය (කොළඹ කළාපයේ) විසින් ඊයේ (06) දින වැල්ලම්පිටිය පොලිස් වසමේ කුඩා බුත්ගමුව, අංගොඩ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබේ.

එහි දී දැනට විදේශ රටක සැගවී සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන මාතර කල්ප යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන වසන්ත කුමාර ධනුෂිකා නොහොත් කුඩු ධනු යන කාන්තාව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 යි ග්‍රෑම් 50 ක්, විද්‍යුත් තරාදියක්, ජාවාරමින් උපයාගන්නා ලද රුපියල් 12,000.00 ක් හා ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙත සිටිය දී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත.

Share This