ලොව විශාලතම සහ දුර්ලභ කැස්බෑ විශේෂය මෙරට මුහුදු තීරයට

ලොව විශාලතම සහ දුර්ලභ කැස්බෑ විශේෂය මෙරට මුහුදු තීරයට

දාර කැස්බෑවන් (Leatherback turtle) ලෙස හඳුන්වන විශාලතම සහ දුර්ලභ කැස්බෑ විශේෂය කලමැටිය සහ රැකව වෙරළබඩ ප්‍රදේශවලට පැමිණෙමින් සිටින බව වනජීවී සංරක්ෂ ණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙම කැස්බෑ විශේෂය ලොව දුර්ලභම කැස්බෑ විශේෂ පහෙන් එකක් බවයි, දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙම කැස්බෑවුන් බිත්තර දැමීම සඳහා මුහුදු වෙරළට පැමිණෙන බැවින් මසුන් ඇල්ලීමේදී සැලකිලිමත් වන ලෙස වනජීවී දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම්දෙයි.

තුවාල ලැබූ කැස්බෑවන් දුටුවහොත් වහාම තමන් අමතන ලෙස ද දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

ලෙදර්බැක් මුහුදු කැස්බෑවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි වඩාත් කැපීපෙනෙන වන සතුන් හතෙන් එකක් ලෙස ලැයිස්තුගත කර ඇත.

මෙම ලැයිස්තුවට ශ්‍රී ලංකා දිවියා, ශ්‍රී ලංකා අලියා, Sloth වළහා, නිල් තල්මසා, පාදිලි මානාවා (Black-necked Stork), Saltwater Crocodile (කිඹුල් විශේෂය) සහ දාර කැස්බෑවන් ඇතුළත් වේ.

දාර මුහුදු කැස්බෑවන් මුහුදු කැස්බෑවෙකුගේ අභිජනනය සහ පෝෂණය කරන ප්‍රදේශ අතර දීර්ඝතම සංක්‍රමණය සිදු කරන සත්වයෙකි.

බිත්තර දැමීමේ කාර්යය වෙනුවෙන් බහුතරයක් සත්වයන්ගේ සංක්‍රමණ පරාසය සැතපුම් 3,700ක් පමණ වේ.

ලෙදර්බැක් වයඹදිග අත්ලාන්තික්, බටහිර පැසිෆික් සහ නැගෙනහිර පැසිෆික් කලාපයේ යන සාගර කලාපවල දිවි ගෙවනු ලබයි.

මෙම කැස්බෑවන් බිත්තර දැමීමට ඔවුන් ඉපදුණු වෙරළ තීරයට පැමිණෙන බවත්, ශ්‍රී ලංකා වෙරළ තීරයට පැමිණෙන කැස්බෑවුන් වසර 100 කට වඩා පැරණි විය හැකි බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම කැස්බෑවෝ පැසිෆික් සාගරය හරහා සැතපුම් 7,000 කට වඩා පිහිනන අතර ඔවුන් එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරයේ සිට සිය දීර්ඝම ගමන ශ්‍රී ලංකාවේදී සම්පූර්ණ කරති.